Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

28th July 2023 15:04:44 Hours

ශ්‍රී ලංකා යුද හමුදා පොදුසේවා බලකායේ බළකාධිපති තුමන් කුට්ටිගල - යුද හමුදා පොදුසේවා බලකා පුහුණු පාසලේ නිල සංචාරයක නිරත වෙයි

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති සහ ශ්‍රී ලංකා යුද හමුදා පොදුසේවා බලකායේ බළකාධිපති මේජර් ජෙනරාල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබිලිවිපි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බළකාධිපති ලෙස සිය ධූරයට පත්වීමෙන් අනතුරුව 2023 ජූලි මස 25 වන දින කුට්ටිගල පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පුහුණු පාසලෙහි සිය පළමු නිල සංචාරය සිදු කරන ලදී.

මෙහිදී එම පුහුණු පාසලෙහි සේනාවිධායකතුමන් සහ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් බළකාධිපති තුමන් වෙත ආරක්‍ෂක මුරයක් පිරිනමමින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

තවද, මෙම සංචාරයේදී බළකාධිපති තුමන් විසින් පුහුණු පාසලේ පැවැත්ම සහ සංවර්ධනය සංකේතවත් කරමින් කදවුරු පරිශ්‍රය තුළ පැළයක් රෝපණය කරන ලදි.

පසුව බළකාධිපති තුමන් විසින් සම්මන්ත්‍රණ ශාලාවේ දී උපදේශකවරුන් අමතමින් උපදේශක ගුණාංග සහ නිරන්තර පුහුණුව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ඇතුළු ප්‍රධාන කරුණු කිහිපයක් පිලිබද අවධාරණය කරන ලදී.