Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th August 2023 15:17:14 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි රාගම රණවිරු සෙවණ සුවතා නිකේතනයේ සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි හිමාලි පුස්සැල්ල මහත්මිය එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් කිහිපදෙනෙකු සමඟ පසුගිය සඳුදා (අගෝස්තු මස 07) දින රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ අරමුණින් රාගම රණවිරු සෙවණ සුවතා නිකේතනයේ සංචාරයක නිරතවිය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි හිමාලි පුස්සැල්ල මහත්මිය එම සුවතා නිකේතනයේ රෝද පුටුවෙන් ගමන්කරනු ලබන රණවිරුවෙකු විසින් පිළිගනු ලැබීය. එම අවස්ථාව සඳහා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස් සී ඒකනායක ආර්එස්පී සහ රාගම රණවිරු සෙවන සුවතා නිකේතනයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව් ඩී එම් කුමාරසිංහ ආර්එස්පී ද සහභාගි වූහ. මෙම සංචාරයේදී හිමාලි පුස්සැල්ල මහත්මිය රණක්‍ෂිතයට පත් රණවිරුවන් සමඟ සුහද අදහස් හුවමාරුවක නිරත වෙමින් ඔවුන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව ඔවුන් වෙත ත්‍යාග පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය. ඉන් අනතුරුව, විනෝදාස්වාද වැඩසටහනක් ද මෙහිදී පැවැත්විණි.

සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ බලකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ගේ උපදෙස් මත එම බලකායේ භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ මෙම සුවතා නිකේතනයේ අංක 1 වාට්ටුව ද එතුමිය නිරීක්‍ෂණය කළ අතර එම පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වු පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වූහ.