Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

16th May 2023 17:04:10 Hours

විශේෂ ඩෙංගු මර්ධන ව්‍යපෘතියක් ක්‍රියාත්මක කිරීම සදහා යුධ හමුදා භටපිරිස් සහය

දීප ව්‍යාප්ත ඩෙංගු මර්දනය කිරීමේ ජාතික ව්‍යාපෘතිය තවදුරටත් වේගවත් කරමින් මහරගම පොලිස් ස්ථානය, මහරගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය, ගොඩිගමුව ග්‍රාම නිලධාරි වසමේ සිවිල් ප්‍රජාව හා අනෙකුත් සිවිල් සංවිධාන සමග එක්ව 2023 මැයි මස 13 වන දින ඩෙංගු මර්ධන වැඩසටහනක් ගොඩිගමුව ග්‍රාමයේදී සිදුකිරීමට කටයුතු සිදුකර ඇති අතර, ඒ සදහා 142 පාබල බළසේනාවේ එක් නිලධාරියෙකු හා සෙසු නිලයින් පනස් දෙනෙකු සහභාගී වී ඇත. එදිනම කොළඹ රාජකීය විද්‍යාලය විසින් පවත්වනු ලබන ඩෙංගු මර්ධන වැඩසටහන්හි එක් පියවරක් වශයෙන් එම පාසල් පරිශ්‍රය තුලද ශ්‍රමදානයක් පැවැත්වීම සදහා 142 වන පාබල බළසේනාවේ සෙබළුන් විසිපස් දෙනෙකුගේ ශ්‍රම දායකත්වය ලබාදී ඇත.

තවද, ඩෙංගු රෝගීන්ගේ ව්‍යාප්තිය වැඩි බව සංඛ්‍යා ලේඛණ මගින් අනාවරණය වී ඇති පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථාන බළප්‍රදේශයේ පිටකෝට්ටේ බටහිර ග්‍රාම නිලධාරි වසම ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහනක් 2023 මැයි මස 13 වන දින මිරිහාන පොලිස් ස්ථානය මගින් සංවිධනය කර තිබූ අතර, ඒ සදහා 144 පාබල බළසේනාවේ සෙබළුන් සිය දෙනෙකු සිය සහය ලබාදී ඇත.

මෙම ඩෙංගු මර්ධන ව්‍යාපෘතියේ තවත් එක් පියරක් වශයෙන් ගමිපහ දිස්ත්‍රික්කයේ ඩෙංගු ව්‍යාපෘතිය පාලනය කිරීම සදහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමන්ගේ උපදෙස් පරිදි බියගම පොලිස් වසමට අයත් අංක 281/සී මල්ලවාන ග්‍රාමසේවා කොට්ඨාසය ආවරණය වන පරිදි 2023 මැයි මස 14 වන දින පවත්වන ලද ඩෙංගු මර්ධන ව්‍යාපෘතිය සදහා 141 පාබල බළසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සෙබළුන් දහදෙනෙකු සහය ලබා දෙන ලදී.

තවද, 2023 මැයි මස 12 වන දින සිට 26 වන දින දක්වා (ඉරිදා දින හැර) කොළඹ මහ නගර සභාව ආවරණය වන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහනක් පවත්වන අතර, එම වැඩසටහන සදහා 14 වන පාබල සේනාංකය වෙතින් සෙබළුන් විසිදෙනෙකු යුත් භට පිරිස් කණ්ඩායම් වශයෙන් සහය දක්වයි.

ඒ අනුව ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් අනුව 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ සහ 141, 142, 144 වන පාබල බළසේනා බළසේනාධිපති තුමන්ලාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන් සදහා යුධ හමුදා භට පිරිස් සහභාගී කරවන ලදී.