Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd May 2023 11:09:12 Hours

විරු කැකුළු’ පෙරපාසල් ළමුන් සදහා මුඛ සෞඛ්‍ය පරීක්‍ෂාවක්

2023 අප්‍රේල් 28 වන දින Link Natural Pvt Ltd සමග සහයෝගීතාවයෙන් මෙන්ම යුධ හමුදා සේවා වනිතා ඒකකයේ (ASVU) මගපෙන්වීම යටතේ පනාගොඩ 'විරු කැකුළු' පෙර පාසල විසින් ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු පරිශ්‍රයේ පනාගොඩ 'විරු කැකුළු' පෙරපාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකාව වන හිමාලි පුස්සැල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් 'සුදන්ත සමග විරු කැකුළු මුවහසරලි' යන තේමාව යටතේ ජංගම දන්ත වෛද්‍ය සායනයක් සංවිධානය කරන ලදී.

උත්සවය ආරම්භයේදී Link Natural Pvt Ltd හි විකුණුම් අධ්‍යක්ෂ නිශාන්ත පරණගම මහතා එදින උත්සවයේ වැදගත්කම පිළිබඳව කෙටි දැනුවත් කිරීමක් සිදු කළ අතර දන්ත විශේෂඥ වෛද්‍ය සකුන්තලා ගුණවර්ධන මහත්මිය විසින් ‘මුඛ සෞඛ්‍ය ’ පිළිබඳ දේශනයක් පවත්වමින් දන්ත වෛද්‍යවරුන් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සායනය ආරම්භ කිරීමට පෙර දරුවන්ගේ දෙමාපියන්ට ‘මුඛ සෞඛ්‍ය ’ පිළිබඳ උපදෙස් ලබා දෙන ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් ලබාදී තිබු ත්‍යාග ප්‍රධාන ආරාධිත අමුත්තා සහ ආරාධිතයින් විසින් ළමුන් සඳහා බෙදා දුන් අතර, මෙම වැඩසටහන යටතේ ළමුන් 160 දෙනෙකුට හට ඔවුන්ගේ මුඛ සෞඛ්‍ය සහ දන්ත සෞඛ්‍ය පිළිබඳව පරීක්ෂා ලදී. මීට සමගාමීව, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ මෙන්ම ආරක්ෂක සේනා මුලස්ථානයේ (බටහිර) යුද්ධ හමුදා සාමාජිකයින් ද සිය සහය ලබා දීමට කටයුතු කරන ලදී.

මෙම වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථාන (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරි කිහිප දෙනෙකු, පනාගොඩ 'විරු කැකුළු' පෙරපාසල් කාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ Link Natural Pvt Ltd හි නියෝජිතයින් සහභාගී වූහ.