Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st May 2022 12:41:15 Hours

විපතට පත් විභාග අපේක්‍ෂකයින් මුදවාගෙන විභාග කටයුතු නැවත පැවැත්වීමට යුද්ධ හමුදාවේ සහයෝගය

පුත්තලම නගරයේ පිහිටි ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහා විද්‍යාලයේදී අද (24) දින උදෑසන ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් එම විද්‍යාලයේ පිහිටි විභාග මධ්‍යස්ථානයේදී අ.පො.ස (සා/පෙළ) විභාගය සඳහා පෙනී සිටිමට සහභාගී වූ විභාග අපේක්‍ෂකයින් 156 දෙනෙකු එම ස්ථානයෙන් වහාම ඉවත් කරගැනීමට සහ ඔවුන්ගේ විභාග කටයුතු නිසිපරිදි සිදුකරගෙන යාමට අවැසි පහසුකම් 143 වන බලසේනාවේ භටපිරිස් 58 වන සේනාංකයේ භටපිරිස්හී සහයෝගය ඇතිව ලබාදෙන ලදී.

ගංවතුර තර්ජනයට ලක්වූ පාසල් පරිශ්‍රයේ ජල මට්ටම අඩි දෙකක් පමණ ඉහළ ගොස් තිබූ බැවින් යුද්ධ හමුදා භටපිරිස් එම විද්‍යාල පරිශ්‍රයේ තිබු මේස, පුටු කඩිනමින් ඉවත් කර අපේක්‍ෂකයින් 156 දෙනා යුද්ධ හමුදා බස් රථ තුනක ආධාරයෙන් ආරක්‍ෂිත ස්ථානයකට රැගෙන යන ලදී.

විදුහල්පති සහ විභාග පරීක්‍ෂකවරුන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව 143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ෆවුමි කිචිලාන් ගේ උපදෙස් මත සියලු පාසල් උපකරණ එම ගොඩනැගිල්ලේ උඩුමහලට රැගෙන ගොස් පැය භාගයකට අඩු කාලයක් තුළ විභාග කටයුතු නැවත ආරම්භ කිරීමට 143 වන බලසේනාවේ සහ 58 වන සේනාංකයේ භටපිරිස් කටයුතු කරනු ලැබූහ.