Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 14:19:26 Hours

වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා උළෙලක් පැවැත්වීම සදහා භට පිරිස් සහය

ආරක්ෂක සේනා (බටහිර) අයත් 14 වන පාබල සේනාංකයේ වෙත අයත් 142 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 7 වන ගැමුණු හේවා බළඇණියේ සහ 14 බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2023 මාර්තු 22 සහ 23 දිනයන්හි බොරලැස්ගමුව මහා විද්‍යාලයේ වාර්ෂික අන්තර් නිවාස ක්‍රීඩා තරඟාවලියේ තරග විනිසුරුවන් ලබාදෙමින් සහය වු අතර, ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මඟපෙන්වීම යටතේ පාසල් බලධාරීන්ගේ ඉල්ලීම මත භට පිරිස් සහය ලබා දෙන ලදී.

තවද, 142 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් මෙන්ම 7 වන ගැමුණු හේවා බළඇණියේ සහ 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන සදහා භට පිරිස් සහභාගීවිය .