24th November 2025 09:24:57 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූකේඩීඩීපී උඩුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පය සහ මඟ පෙන්වීම යටතේ, ඔක්තෝබර් 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනයට සමගාමීව විශේෂ වැඩසටහනක් සංවිධානය කරන ලදී.
මෙම උත්සවය 2025 ඔක්තෝබර් 02 වන දින මත්තේගොඩ කැමිලියා ළමා නිවාසයේදී පවත්වන ලද අතර, එහි නේවාසික දරුවන් 40 දෙනෙකු සඳහා දිවා ආහාරය, තෑගි බෙදා හැරීම සහ දරුවන්ට ප්‍රීතිය හා සතුට ගෙන ඒම අරමුණු කරගත් විනෝදාත්මක සංගීත සංදර්ශනයක් ඇතුළත් වන ලදි.
මෙම අවස්ථාට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් යූකේඩීඩීපී උඩුගම ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගිවු අතර, මෙම උත්සවය ලෝක ළමා දිනය සැමරීම පමණක් නොව, විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට දිරිගැන්වීම ලබා දීම සඳහා හමුදාවේ දායකත්වය පිළිබිඹුකරයි.