Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

20th December 2022 19:31:58 Hours

ලේ පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් සදහා භටපිරිස් තම දායකත්වය දක්වයි

ආරක්ෂක සේනා (බටහිර) වෙතින් පාලනය වන 14 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 142 පාබල බලසේනාවට අයත් 15 වන ශ්‍රි ලංකා කාලතුවක්කු ඩ්‍රෝන රෙජිමේන්තුව, 7 වන ගැමුණු හේවා බලඇණිය, 14 වන විජයබා පාබල රෙජිමේන්තුව සහ කොට්ඨාශ මුල 03 වෙත අයත් භටපිරිස් සහභාගිත්වයෙන් සමස්ථ බෞද්ධ මහා සම්මේලනයට වසර 103 ක් සපිරිම නිමිත්තෙන් 2022.12.18 දින ලේ දන්දිමේ වැඩසටහනක් සදහා දායකත්වය දක්වන ලදි.

මෙම ලේ දන්දිමේ වැඩසටහන නාරාහේන්පිට පිහිටි ලේ බැංකු පරිශ්‍රයේදි පැවැත්වු අතර, ඒ සදහා 00 x 15 ක භටපිරිසක් සහභාගිවි ඇත. 142 පාබල බලසේනාධිපති තුමන්ගේ උපදෙස් මත 15 වන ශ්‍රි ලංකා කාලතුවක්කු ඩ්‍රෝන රෙජිමේන්තුව, 7 වන ගැමුණු හේවා බලඇණිය, 14 වන විජයබා පාබල රෙජිමේන්තුව සහ කොට්ඨාශ මුල 03 හි අණදෙන නිලධාරින්ගේ පුර්ණ අධික්ෂණය යටතේ මෙම ලේ දන්දිමේ වැඩසටහන සදහා භඨපිරිස් සහභාගී විය.