18th October 2023 22:39:55 Hours
රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂ කයින් සතු නායකත්ව ගුණාංග සහ බාලදක්ෂව කුසලතාවයන්හි වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් 3 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ නිලධාරීන් 3 දෙනෙකු සහ සෙසුනිලයින් 7 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 5) දින රුහුණු විශ්ව විද්‍යාලය පරිශ්‍රයේදී වැඩමුළුවක් පැවැත්වීය.
මෙම වැඩමුළුවේදී උපාධි අපේක්ෂිකයින් 65 දෙනෙකු වෙත නායකත්ව ගුණාංග, සිතියම් කියවීම සහ භෝජනාගාර ආචාර විධි සහ කුසලතා ප්‍රවර්ධනය පිළිබඳව දැනුවත් කෙරිණි.
මෙම අවස්ථාව සඳහා 613 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.ඩී.එන්.ආර්. කන්නන්ගර ආර්එස්පී අයිජී සහ 3 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් පී.එ.ජී.ඒ.පී. මඩිත්තපොල සහභාගී වූහ.