Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th April 2023 09:30:03 Hours

යුධ හමුදා භට පිරිස් සහ සිවිල් වැසියන් අතර සුහදත්වය වර්ධනය කිරීමේ ක්‍රිකට් තරගාවලියක්

යුධ හමුදා භට පිරිස් සහ සිවිල් වැසියන් අතර සුහදත්වය වර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 වන පාබල සේනාංක මුලස්ථානයට අයත් 613 පාබල බලසේනා මූලස්ථාන බළප්‍රදේශයේ ස්ථාපිත 3 (සෙව්) ගැමුණු හේවා බළකායේ ක්‍රිකට් කණ්ඩායම සහ මාතර තරුණ කැල ක්‍රිකට් කණ්ඩායම සමඟ 2023 අප්‍රේල් 11 වන දින ක්‍රිකට් තරඟයක් මාතර මහින්ද විජේසේකර පිටියේදී පවත්වන ලදී.

මෙම තරගාවලිය ආරක්‍ෂක සේනා (බටහිර) අඥාපති තුමන්ගේ උපදෙස් මත 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මඟපෙන්වීම මත 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලදී.

තවද මෙම තරගාවලිය දෙකට ඒකක් ලෙස මාතර තරුණකැල ක්‍රිකට් කන්ඩායම පරාජය කරමින් 3(සෙව්) ගැමුණු හේවා බළඇණි ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කරන ලදී.