Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

11th July 2022 17:32:11 Hours

යුද්ධ හමුදා සෙබළුන් විසින් අඩු ආදයම්ලාභි පවුල් සදහා වියලි සලාක මළු බෙදාදිමේ වැඩසටයනක් සදහා දායකත්වය ලබා දෙයි

ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදුව ප්‍රාදේශිය ලේකම් කොටිඨාශයට අයත් අඩු ආදායමි ලාබි පවුල් වෙත, තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ සභාපති ශ්‍රී සුමනරතන හිමියන්ගේ දායකත්වය යටතේ Tan Ngak Buay And Kee Mage Lang Foundapore LED Singapore යන ආයතනයේ මූලිකත්වයෙන් සිංගප්පූරුවේ සහ තායිලන්තයේ සැදැහැවතුන් විසින් මුදල් ප්‍රතිපාදන සැපයීමෙන් පසු 613 පාබල බළසේනාවට අයත් 14 (සෙව්) ගැහේබ නිලධාරි/සෙසුනිලයින්ගේ සංවිධානය සහ ශ්‍රම දායකත්වය ඇතිව එම වැඩසටහනේ පළමු අධියර වශයෙන් 2022.07.07 වන දින පවුල් 150 ක් සදහා වියලි මළු 150 ක් බෙදා දීම ධාර්මික විද්‍යාලය - හබරාදුවේදි සිදුකරන ලදී.

එම වැඩසටහනට මග පෙන්වීමේ කටයුතු සදහා මෙම පාබල සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්ආර්එම්එම් රත්නායක ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි එන්ඩියූ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 613 පාබල බසේමු බලසේනාධිපති කර්නල් කේවිඅයිඑල් ජයවීර යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදුකරනු ලැබූ අතර, එහි අධීක‍ෂණ කටයුතු සහ සමිබන්ධිකරන කටයුතු සදහා 14 (සෙව්) ගැහේබ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ජිඑච්එආර් විජේරතන ආර්ඩබිලිව්පි ආර්එස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදු කරන්නට විය. මෙම වැඩසටහන සදහා සහභාගිවු අඩු ආදායම්ලාභි පවුල් තෝරාගැනිම සහ සමිබන්ධිකරණ කටයුතු සිදු කිරිම හබරාදුව ප්‍රාදේශිය ලේකමි කර්යාලය මගින් සිදු කරන ලදි.

මෙම වියලි සලාක මළු බෙදා දිමේ වැඩසටහන සදහා තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ සභාපති ශ්‍රී සුමනරතන හිමියන්, දිස්ත්‍රික් ලේකම් තුමා - ගාල්ල, ප්‍රාදේශි ලේකම් තුමිය - හබරාදුව සහ 14 (සෙවි) ගැමුණු බළඇණියේ නිලධාරින් සහ සෙසුනිලයින් සහභාගිවිය.