Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th March 2022 11:20:21 Hours

යුද්ධ හමුදා සෙබලුන් විසින් මාතර නගරයේ කැඩිගිය පාලම ඉදිකිරිම සදහා ශ්‍රමදායකත්වය ලබාදේ

ශ්‍රි ලංකාවේ ප්‍රසිද්ධ ස්ථානයක් වන පරවි දුපත හා මාතර නගරය යාකර ඇති පාලම 2022.03.04 වන දින සවස් භාගයේ කැඩිගිය අතර, යුද්ධ හමුදාව,නාවික හමුදාව සහ දිස්ත්‍රික් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ සහය ඇතිව මෙම පාලම මතින් ගමන් කරමින් සිටි ජනතාව මුදවා ගැනිමේ කටයුතු සාර්ථකව සිදුකරන ලදි.

තවද, මෙම සිදුවිම සිදුවු මොහොතේ සිට යුද්ධ හමුදාපතිතුමාගේ උපදෙස් පරිදි පරවි දුපතේ පිහිටි විහාරස්ථානය වෙත පැමිණෙන බැතිමතුන් සදහා ගමන් ගැනිමට තාවකාලික පාලමක් සකස් කිරිමේ කටයුතු 613 පාබල බලසේනාවේ සෙබලුන්, ඉංජිනේරැ සෙබලුන් ඉංජිනේරැ සේවා සෙබලුන් සහ 3 වන ගැමුණු හේවා බළඇණියේ සෙබලුන්ගේ දායකත්වයෙන් යුද්ධ හමුදා ප්‍රධාන ඉංජිනේරැතුමන්, ඉංජිනේරැ බළසේනාවේ බළසෙනාධිපතිතුමන්ලාගේ උපදෙස් මත 3(සෙවි) ගැමුණුහේවා බළකායේ අණදෙන නිළධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ මෙය ඉදිකෙරමින් පවති.