Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd September 2022 18:00:06 Hours

යුද්ධ හමුදා භටපිරිස් ජාතික වගකිමක් සදහා තම දායකත්වය ලබාදෙයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 පාබල සේනාංකයේ භටපිරිස් රත්නපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 4 ට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ 15ක් ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහනක් 2022 සැප්තැමිබර් 21 සිට 23 දින දක්වා ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම ඩෙංගු මර්දන වැඩසටහනේදි නිවාස, රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ ආගමික ස්ථාන, පාසල් සහ අනෙකුත් පොදු ස්ථාන පරීක්ෂාවට ලක් කරමින් ඩෙංගු වසංගතය සීග්‍රයෙන් ව්‍යාප්ත වීම සහ එහි බලපෑම පිළිබඳව ජනතාව දැනුවත් කර ඇත.

මෙම වැඩසටහන සඳහා 61 පාබල සේනාංකයේ යුද හමුදා සාමාජිකයින් 50 දෙනෙකු සහ ප්‍රදේශයන්ට අයත්, පොලීසිය, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගී විය.