Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

07th September 2022 18:02:58 Hours

යුද්ධ හමුදා භටපිරිස් ගාලු කොටුව වෙරළ පිරිසිදු කරයි

2022 සැප්තැමිබර් මස 02 දින 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 14 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් විසින් ශ්‍රි ලංකාව තුල සංචාරකයින් සදහා ප්‍රසිද්ධියට පත්වු ගාලු කොටුව වෙරළ තිරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් පවත්වන ලදි.

මෙම වෙරළ තිරය තුල ඉවත දමන ලද පොලිතින්, ප්ලාස්ටික් බෝතල්, හිස් බියර් කෑන්, හිස් මත්පැන් බෝතල් ආදියෙන් පිරී තිබූ අතර, එම අපද්‍රව්‍ය ඉවත් කිරිම සදහා 14 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් තම සහයෝගය මෙම ව්‍යාපෘතිය හරහා ලබාදි ඇත.

මෙම වැඩසටහන 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 613 බලසේනාවේ බලසේනාධිපති සහ 14 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ අණ දෙන නිලධාරිතේ අධික්ෂණය යටතේ මෙම වැඩසටහන සිදු විය.

මෙම වැඩසටහන සදහා 14 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ 50 ක පමණ භටපිරිසක් මෙන්ම පාසල් සිසුන් කිහිප දෙනකුද මේ සදහා සහභාගි විය.