Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

16th August 2022 07:56:19 Hours

යුද්ධ හමුදාව වෙතින් තවත් පුණ්‍ය කටයුත්තක් සදහා මුල පුරයි

ආරක්ෂක සේනා (බටහිර) බල ප්‍රදේශයට අයත් 61 පාබල සේමු යටතේ පාලනය වන 613 පාබල බසේමු බල ප්‍රදේශයේ පිහිටි කඹුරුපිටිය - සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජමහා විඑහාරස්ථානයේ 58 වන වරට පැවැත්වෙන ඇසළ මහා පෙරහැර 2022 අගෝස්තු මස 17 දින දක්වා පැවැත්විමට නියමිතව ඇත.

එම පෙරහැර සාර්ථකව සිදුකර ගැනීම සදහා 613 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේවිඅයිඒල් ජයවිර යුඒස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත ඇසළ මහා පෙරහැර පැවැත්විමට ප්‍රථම 2022.08.04 දින සිට 2022.08.10 දින දක්වා කාලය තුල 613 පාබල නිලධාරි/සෙසුනිලයින්ගේ පුර්ණ දායකත්වයෙන් එම විහාරස්ථානයෙහි චෛත්‍ය හා ගොඩනැගිලි තීන්ත ආලේපනය කර ප්‍රථිසංස්කරණ කටයුතු සිදුකරන ලදි.