Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

27th September 2022 12:36:05 Hours

යුද්ධ හමුදාව මගින් අඩු ආදායම්ලාභි පවුල් සදහා වියළි සලාක මළු බෙදාදිමේ වැඩසටහනක් සංවිධානය කරයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් එල්එච්එස්සී ශවේන්ද්‍ර සිල්වා ඩබිලිවිඩබිලිවිවි ආර්ඩබිලිවිපි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩිසි පිඑස්සි එම්පිල් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උපදෙස් හා මගපෙන්විම යටතේ 2022 සැම්තැම්බර් මස 22 දින බද්දේගම ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පවුල් සඳහා වියළි සලාක මළු 210 ක් පරිත්‍යාග කිරීම බද්දේගම දුටුගැමුණු රජමහා විහාරස්ථානයේදී පැවැත්විය.

මෙම වැඩසටහන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සේවා වනිතා ශාඛාව විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කරන ලදි.

මේ සඳහා මුල්‍ය දායකත්වය දැනට ඇමරිකාවේ නිව්යෝර්ක් හි පදිංචි නන්ද මහතා සහ රාජිනී ජාගොඩ මහත්මිය විසින් දක්වන ලදී.

මෙම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති, සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් ද සහභාගී විය.