Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

29th November 2022 19:38:48 Hours

යුද්ධ හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් පුත්තලම ආනමඩුව ආන/වෙලේවැව සුමේධ විද්‍යාලයේ පුස්ථකාලය නවිකරණය කරයි

ආරක්ෂක සේනා (බටහිර) බල ප්‍රදේශයට අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩුව ආන/වෙලේවැව සුමේධ විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන්ට දිගු කලක පටන් අවශ්‍යතාවයක්ව පැවැති අංගසම්පුර්ණ පුස්ථකාලයක අවශ්‍යතාවය 143 පාබල බළසේනාව සහ 16 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වයෙන් යුතුව නවීකරණය කර සිසු අයිතියට පත් කිරිම 2022 නොවැමිබර් 28 වන දින උත්සවශ්‍රීයෙන් සිදු කෙරුණි.

මේ මහැගි කර්තව්‍ය සදහා 14 වන පාබල සේනාංකයේ සේනංකාධිපති තුමන්ගේ උපදෙස් මත 143 වන බළසේනාවේ බළසේනාධිපති තුමන්ගේ මුලිකත්වයෙන් 16 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරි තුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ ආණමඩුවව කොටිඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය, ආන/වෙලේවැව සුමේධ විද්‍යාලයේ විදුහල්පති තුමා, සහ කැළණිය විශ්ව විද්‍යලයේ කළමණාකරණ පීඨයේ අවසන් වසර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහ සමිභාවනිය අමුත්තන්ගේ සහභාගිත්වයෙන් සිදුවිය.

දායාද - සරසවියෙන් ගුරුගෙදරට යන තේමාව කරගත් කැළණිය විශ්ෂ විද්‍යාලයේ විද්‍යාර්ථයින් විසින් මෙම පුස්තකාලය සදහා අවැසි 1000 කට අධික සියළුම පොත් අනුග්‍රාහක භවතුන්ගේ සහ තම පුද්ගලික ධන පරිත්‍යාග මගින් සපයාගෙන ආන/වෙලේවැව සුමේධ විද්‍යාලයේ සිගිති දුවා දරුවන් වෙනුවෙන් පරිත්‍යාග කළ අතර, මෙම සුවිශේෂි අවස්ථාවේදි විද්‍යාලයේ දු දරුවන්ගේ ගැයුම් සහ තර්ථන අංගයන්ගේන් වර්ණවත් වි තිබුණි.