Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th January 2023 17:29:35 Hours

යටියන්තොට ගල්වලක සිරවු නාදුනන මළ සිරුරක් ඉවත් කිරීමට ආසේමු (බටහිර) භට පිරිස් සහාය

යටියන්තොට පොලිස් ස්ථානයේ ඉල්ලීම පරිදි ගල් වලක සිරවී සිටි නාඳුනන මළ සිරුරක් ඉවත් කර ගැනීම සඳහා 2023 ජනවාරි 24 වැනි දින පස්වරු වේ 611 ‍ වන පාබල බලසේනාවට අයත් යටතේ ඇති 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සමඟ යුද්ධ හමුදා සාමාජිකයින් තම සහය ලබා දෙන ලදි.

මෙම මළ සිරුර යටියන්තොට දෙනන්කාව වත්ත, පේරගස් හන්දිය ප්‍රදේශයේ පොළවේ සිට අඩි 10ක් පමණ ගැඹුරින් ගල් වලේ සිරවී ඇත. මෙම මළ සිරුර ඉවත් කිරීම බටහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ සහ 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ උපදෙස් පරිදි සිදුවිය.

මෙහිදි පොලිසියේ සහ ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහය ඇතිව කඹ සහ වෙනත් මුදවා ගැනිමේ ක්‍රම භාවිතා කරමින් එම මළ සිරුර ගොඩගනු ලැබිණි. 611 පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් ඉවත් කිරීමේ මෙහෙයුම සමීපව අධීක්ෂණය කරන ලදී.