Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th February 2025 21:54:47 Hours

මේජර් ජෙනරාල් යූ කේ ඩී ඩී පී උඩුගම ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) රාජකාරි භාර ගනී

මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම ආර්ඩබිලිවිපි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි පිඑස්සි 18 වන ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර ආඥාපතිවරයා ලෙස 2025 පෙබරවාරි මස 15 දින වැඩ භාර ගත්තේය.

නව පත්වීම් ලද ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, එම පරිශ්‍රයට පැමිණිමෙන් අනතුරුව 6 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුර ගෞවරවාචාරය පිරිනමන ලදී.

අනතුරුව බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ වැඩ භාරගත් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය ධූරයේ වැඩ කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබීය. ඉන්පසුව, එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කර සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. අනතුරුව, සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගි විය.

අනතුරුව, ආඥාපති විසින් භටපිරිස් අමතමින් පුහුණුව, විනය සහ සාර්ථකත්වය යන කරුණු පිළිබඳව අවධාරණය කරමින් තම දැක්ම පෙන්වා දෙමින් පොදු අරමුණු කරා කටයුතු කිරීමට භටපිරිස් දිරිමත් කල අතර, ඉන් අනතුරුව ආරක්‍ෂක සේනා - බටහිර මාණ්ඩලික නිලධාරීන් විසින් පුළුල් දැනුවත් කිරීමක් සිදු කරනු ලැබීය.

මෙම උත්සවය සඳහා 57 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති - බටහිර, 14 සහ 61 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය සම්පාදන නිලධාරි, බලසේනාධිපතිවරුන්, මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්, ඒකක අණදෙන නිලධාරින්, මාණ්ඩලික නිලධාරින් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර රාජකාරි කරනු ලබන සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.