30th August 2024 09:52:56 Hours
මේජර් ජෙනරාල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩිසී පීඑස්සී 17 වන ආරක්ෂක සේනා අඥාපති - බටහිර ලෙස 2024 අගෝස්තු 23 වන දින වැඩ භාරගත්තේය.
නව පත්වීම් ලද ආරක්ෂක සේනා ආඥාපති - බටහිර, එම පරිශ්‍රයට පැමිණිමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භට පිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.
අනතුරුව බෞද්ධ ආගමික වතාවත් මධ්‍යයේ වැඩ භාරගත් ආරක්ෂක සේනා ආඥාපතිතුමන් සිය ධූරයේ වැඩ කටයුතු භාරගැනීම සනිටුහන් කරමින් නිල ලේඛනයකට අත්සන් තැබීය. අනතුරුව එතුමන් සමූහ ඡායාරූපයකට පෙනීසිට, රාජකාරී භාරගැනීම සනිටුහන් කරමින් පැළයක් රෝපණය කරන ලදී. අනතුරුව සියලු නිලයන් සමඟ තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණ.
ඉන් අනතුරුව ආරක්ෂක සේනා - බටහිර මාණ්ඩලික නිලධාරීන් විසින් පුළුල් දැනුවත් කිරීමක් සහ භට පිරිස් ඇමතීමක් සිදුකල අතර, විනයෙහි වැදගත්කම සහ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා එහි අනිවාර්ය කාර්යභාරය අවධාරණය කරන ලදී. එමෙන්ම විධාන කටයුතු සම්බන්ධයෙන් ඔහුගේ දැක්මට අදාල දැනුම බෙදාගැනීම වෙනුවෙන් ඔහුගේ අරමුණු ගෙනහැර දැක්වූ අතර, පොදු අරමුණු කරා වැඩ කිරීමට භට පිරිස් පොළඹවන ලදී.
මෙම උත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.