Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd May 2023 11:11:17 Hours

මාතර රාහුල විද්‍යාලයේ පැවැත්වෙන අධ්‍යාපනික ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට යුධ හමුදා භට පිරිස් සහය

මාතර රාහුල විද්‍යාලයේ 100 වැනි සංවත්සරය නිමිත්තෙන් ‘විද්‍යාභිමානී 2023’ නමින් අධ්‍යාපනික ප්‍රදර්ශනයක් 2023 අප්‍රේල් 25, 26 සහ 27 යන දිනවල ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ අනුව, පාසල් බලධාරීන්ගේ ඉල්ලීම පරිදි, ශ්‍රී ලංකා යුද හමුදාව වර්තමානයේ භාවිතා වන සන්නද්ධ රථ සහ අනෙකුත් උපකරණ පිළිබඳව සිසුන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ප්‍රදර්ශන කුටි කිහිපයක් ද ස්ථාපිත කරන ලදී.

මේ අතර, ප්‍රදර්ශනයට පෙර 613 පාබල බලසේනාව යටතේ 3 (සෙවි) ගැමුණු හේවා බළඇණියේ යුද හමුදා සාමාජිකයින් ද පාසල් සිසුන් විසින් ජනාධිපතිතුමා වෙත පිරිනමන ලද සරඹ පෙළපාලිය සාර්ථක ලෙස පුහුණු කිරීම සඳහා සරඹ උපදේශකයින් ලබා දෙමින් සිය සහය ලබා දුන්හ.

තවද, ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි සහ 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් මෙම ප්‍රදර්ශනය සඳහා යුද හමුදාවේ මැදිහත්වීම සමීප අධීක්ෂණය කරන ලදී.