Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th November 2022 13:32:15 Hours

භඨපිරිසක් තවත් ප්‍රජා වැඩ සටහනක් සදහා සිදුකරනු ලබයි.

ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් 14 වන පාබල සේනාංකයට අයත් 141 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 6 රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු බළඇණියේ භඨපිරිස් විසින් දීර්ඝ කාලයක සිට ප්‍රතිසංස්කරණය කර නොමැති මල්වත්ත ආදාහනාගාර පරිශ්‍රයේ තීන්ත ආලේප කිරීම, අවට පිරිසිදු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරිම සදහා දායකවි ඇත.

මෙය ධාතුකන්ද ශ්‍රී ජිනේන්ද්‍රාරාම රජමහා විහාරාධිපති හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ උපදෙස් මත 6 රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු බළඇණියේ අණදෙන නිලධාරිගේ පුර්ණ අධඅක්ෂණය යටතේ එම බළඇණියේ භඨපිරිස් විසින් 2022 නොවැම්බර් මස 12 වන දින ආරම්භ කරන ලද මෙම වැඩසටහන සතියක් වැනි කෙටි කාලයක් තුල නිම කරන ලදි.