Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:06:42 Hours

බොරලැස්ගමුව මහා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙල සාර්ථක කර ගැනීමට බටහිර භට පිරිස් තම සහාය ලබා දේ

බොරලැස්ගමුව මහා විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙලට සමගාමීව ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 142 වන පාබල බලසේනාවට අයත් 7 වන ගැමුණු හේවා බළඇණියේ සහ 14 වන බලඇණිය විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ක්‍රීඩා උළෙලේ ඉසව්වන් විනිශ්චය කිරීම සඳහා විද්‍යාලයට විනිසුරුවන් ලබා දෙමින් 2023 පෙබරවාරි 20 සිට 24 දක්වා කාලය තුල තම සහය ලබාදිමට කටයුතු කර ඇත.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමා සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් පරිදි 142 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මගපෙන්වීම මත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් පාසලේ ඉල්ලිමකට අනුව යුද්ධ හමුදා සහය උපරිම අයුරින් ලබාදි ඇත.