Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

08th December 2022 15:40:34 Hours

බුද්ධිනි පුර්ව ළමා සංවර්ධන මධ්‍යස්ථානය වෙත පරිත්‍යාග භාණ්ඩ බෙදා දිමේ වැඩසටහනක්

පුත්තලම දිස්ත්‍රික්කයේ තබ්බෝව බුද්ධි ධිවර ගම්මානයේ බුද්ධිනි පුර්ව සංවර්ධන මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබන දු දරැවන් හට සඳහා පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් 2022 දෙසැම්බර් 03 වන දින 143 පාබල බලසේනාවේ මුලිකත්වයෙන් 16 වන ගජබා රෙජිමේන්තුවට අයත් භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් පැවැත්විය.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟපෙන්වීම මත 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටි එම් කිචලාන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ අනුග්‍රහක සමිබන්ධිකරණය මත 16 වන බලඇණිය ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී තුමාගේ පුර්ණ අධීක්ෂණය යටතේ ටිෂාන් රඹුක්වැල්ල මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ අනුග්‍රහය දායකත්වයෙන් මෙම උතුම් කර්තව්‍යය සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන මගින් 2023 වර්ෂයේ සිප්සතර හැදැරිම සදහා පළමු ශ්‍රේණියට ඇතුලත්විමට සුදුසුකම් ලැබු දරුවන් 17 දෙනෙකුට සහ පෙර පාසල් අධ්‍යාපනය ලැබිමට නියමිත සිසුන් 04 දෙනකු සදහා අවශ්‍ය පාසල් පොත්බෑගයක් සහිත අංග සම්පුර්ණ පොත් කට්ටලයක් ඇතුළු සියළුම පාසල් උපකරණ සහ නත්තල් උත්සවය නිමිත් කොට ගෙන ත්‍යාග පර්සලය බැගින් ප්‍රධානය කරන ලදි. විවිධ වු ආර්ථික දුෂ්කරතා යටතේ ඉගෙනිම් කටයුතු සිදු කරනු ලබන දරුවන් හට ආහාර වේලක් ලබාදිම හා දරුවන්ගේ ප්‍රියතම තත්තල් සියා සමගින් විශේෂ සංගිත වැඩසටහනක්ද සංවිධානය කරන ලද අතර, දරුවන්ගේ කුසලතා ඇයිමටද ලක් කලේය.

මෙම අවස්ථාව සඳහා 143 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, 16 වන බලඇණි ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ විද්‍යාලීය කාර්ය මණ්ඩලය සහභාගී වූහ.