Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th July 2023 12:50:44 Hours

බටහිර භට පිරිස් විසින් රඹුක්කන ප්‍රදේශයේ අසරණ පවුලක් සඳහා තවත් නව නිවසක් ඉදිකරයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 611 වන පාබල බලසේනාවේ භට පිරිස් විසින් කෑගල්ල මහජන බැංකු ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලය සමඟ සහයෝගයෙන් රඹුක්කන, ඊරියගොඩ ග්‍රාම නිලධාරී වසමේ පදිංචි රිය අනතුරකින් සැමියාගේ අකල් වියෝවෙන් පසු නිසි සෙවණක් හෝ ආදායම් මාර්ගයක් නොමැතිව ජීවත් වූ දරුවන් තිදෙනෙකුගේ මවක් වන කේ.ඒ. නිලිමිණි දිල්රුක්ෂි යන මහත්මියගේ අසරණ පවුලට නව නිවසක් ඉදිකර දී ඇත.

ඒ අනුව 611 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිවරයා කෑගල්ල මහජන බැංකු ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලයේ නිලධාරින් සමග එක්ව නිවස ඉදිකිරීමට අවශ්‍ය මුදල් හා අමුද්‍රව්‍ය ලබා දුන් අතර 611 පාබල බලසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන ගැමුණු හේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය මෙම නිවස ඉදිකිරීම යොදාගන්නා ලදී.

මහජන බැංකුවේ 62 වැනි සංවත්සරයට සමගාමීව 2023 ජූලි 06 වැනි දින නව නිවස නිල වශයෙන් වෙත භාරදුන් අතර මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති, 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 611 පාබල බලසේනාවේ බලසේනාධිපති, ඒකක අණදෙන නිලධාරීන් සහ කෑගල්ල මහජන බැංකු ප්‍රාදේශිය ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ඊට සමගාමීව, සහය දැක්වීමක් වශයෙන් කේ.ඒ. නිලිමිණි දිල්රුක්ෂි මහත්මිය සහ ඇයගේ දරුවන්ට යුධ හමුදා සාමාජිකයින් සහ මහජන බැංකුවේ නිලධාරීන් විසින් ගෘහ භාණ්ඩ සහ ත්‍යාග කිහිපයක්ද පිරිනමන ලදී. තවද, නිවස ඉදිකිරීමට සම්බන්ධ වූ යුධ හමුදා සාමාජිකයින්ගේ කැපවීම ඇගයීම් සහතික සමඟින් ඇගයීමට ලක් කරන ලදී.

තවද, මෙම නිවස ඉදිකිරීම යුද්ධ හමුදාපතිතුමාගේ උපදෙස් ඇතිව ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිගේ මගපෙන්වීම යටතේ සිදු කරන ලදි.