Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd June 2022 16:29:42 Hours

බටහිර භට පිරිස් අයහපත් කාලගුණය හේතුවෙන් හදිසි ආපදා සඳහා සූදානම්ව සිටිති

ආරක්ෂක සේනා (බටහිර) බලප්‍රදේශයට අයත් ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගංවතුර සහ නායයෑම් තත්වයන් ඇතිවී තිබෙන අතර, ආපදා සහන කටයුතු සදහා ආරක්ෂක සේනා බටහිර භටපිරිස්, නාවික, ගුවන් හමුදා භටපිරිස් හා ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය සමග සමිබන්ධතාවයෙන් යුතුව විපතට පත් ප්‍රදේශවල ආපදා සහන සේවා මෙහෙයුම් සදහා අඛණ්ඩව සහය දක්වමින් සිටියි.

ඒ අනුව පවතින අධික වර්ෂාවත් සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ග්‍රාම නිලධාරී වසමේ බතලගොඩ වැව දක්වා දිවෙන ඇළ මාර්ගයේ බැම්ම කැඩී ජල කාන්දුවක් හටගෙන තිබු අතර, එය ගමිවාසින්ගේ සහය ඇතිව 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ භට පිරිස් 2021 මැයි 31 වැනි දින වැලි කොට්ට යොදා ඇළ බැම්මේ කාන්දුව යථා තත්ත්වයට පත් කිරිමට තම සහය ලබා දෙන ලදී.

තවද, ගංවතුරෙන් යටවත්ත ප්‍රදේශයේ අවතැන්වු පවුල් 50 කට පමණ කඩිනම් සහන සැලසීමට කටයුතු කරන ලද අතර, මේ සදහා 141 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරීතුමන්ගේ උපදෙස් පරිදි ආපදා සහන කටයුතු සදහා භටපිරිස් දායක විය.

මේ වන විට, ආරක්‍ෂක සේනා (බටහිර) බලප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් අනුව හදිසි ආපදා තත්ත්වයන් තුලින් මහජනතාව මුදා ගැනීම සඳහා සහන කණ්ඩායම් යොදවා ඇත.