Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd August 2023 18:38:21 Hours

බටහිර භටපිරිස් ලේ දන්දීමේ වැඩසටහනක් සදහා සහභාගී වෙයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 144 පාබල බලසේනා බලප්‍රදේශයෙහි අංගොඩ හිරැකිරණ සමාජ සත්කාර පදනම මගින් අභීත සෙන්පති ලුත්තන් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ශ්‍රීමතානන්ගේ 31 වන ගුණ සැමරුම හා ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියෙහි රට වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කල අභීත රණවිරුවන් සිහිපත්කොට 2003 වසරේ සිට 21 වන වරට කොටිකාවත්ත සෝමාදේවි බාලිකා විද්‍යාලයේදී 2023.08.13 වන දින 2 (සෙවි) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් සහභාගිත්වයෙන් ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වා ඇත.

මෙම වැඩසටහන සදහා 2 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ 10 දෙනෙකු සහභාගී වූ අතර ඒ සදහා ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් මත 144 පාබල බළසේනාවේ බළසේනාධිපති තුමන්ගේ මගපෙන්වීම අනුව 2 (සෙව්) ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ භට පිරිස් සහභාගී කරවන ලදී.

තවද මෙහිදී ලේ පරිත්‍යාග කල සියළුම අයවළුන් හට ත්‍රිවිධ හමුදාව නියෝජනය වන ආකාරයට සකස් කරන ලද ඉතා අලංකාර හා වටිනා සහතික පත්‍රයක්ද සංවිධායක මණ්ඩලය වෙතින් පරිත්‍යාග කරන ලදී.