Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th April 2023 09:35:07 Hours

පුද්ගලික දේපලක හටගත් ගින්නක් මැඩපැවැත්වීම සදහා ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් සහය වෙයි

කැලණිය ප්‍රදේශයේ ප්ලාස්ටික් වෙළඳසැලක විදුලි කාන්දුවක් හේතුවෙන් හදිසියේ ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සදහා ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 141 වන පාබල බලසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සහය ලබාදීමට කටයුතු කර ඇත.

වාර්තා වූ තොරතුරු අනුව ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිවරයාගේ උපදෙස් පරිදි 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මගපෙන්වීම යටතේ 141 වන පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරීගේ පූර්ණ අධීක්ෂණයෙන් කොළඹ ගිනි නිවන ඒකකය සමඟ එක් නිලධාරියෙකු ඇතුළු යුද හමුදා සාමාජිකයින් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානයට ගොස් ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු ආරම්භ කරන ලදී. ආසන්න ප්‍රදේශවලට වැඩි හානියක් සිදුවීමට පෙර පැය කිහිපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම ගින්න පාලනය කර ඇත.