Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

08th September 2022 16:32:17 Hours

පුණ්‍ය කටයුත්තක් සදහා යුද්ධ හමුදාවේ සහය

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 පාබල සේමු ‍යටතේ ස්ථාපිත 613 පාබල බලසේනා බල ප්‍රදේශය තුලපිහිටා ඇති ඓතිහාසික ගැටබරු රජමහා විහාරය මගින් පවත්වනු ලබන ඇසළ පෙරහැර 2022.09.06 දින සිට 11 දින දක්වා පැවැත්විමට කටයුතු සුදානමි කර ඇත.

ඒ අනුව එම විහාරස්ථානය 613 පාබල බලසේනාවේ බලසේනාධිපති කේවිඅයිඑල් ජයවීර යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උපදෙස් මත බලසෙනාවේ නිලධාරි/සෙසුනිලයින්ගේ පුර්ණ ශ්‍රමදායකත්වයෙන් 2022.08.22 දින සිට 2022.09.06 දින දක්වා කාලය තුල විහාරස්ථානයේ ගොඩනැගිලිවල තින්ත ආලේපනය කර ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ලදි.

මේ සදහා අවශ්‍ය තීන්ත විහාරස්ථානය වෙතින් සපයා දෙන ලදී.