Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:26:58 Hours

පාසැල් වාර්ෂික ක්‍රීඩා උළෙලක් සදහා භටපිරිස් සහය

ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් 14 පාබල සේනාංකය යටතේ ස්ථාප්ත 142 පාබල බලසේනාව වෙත අයත් 15 ඩ්‍රෝන රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් පාසල් බලධාරීන්ගේ ඉල්ලීම මත හෝමාගම පිටිපන කණිෂ්ඨ විද්‍යාලයේ වාර්ෂික ක්‍රීඩා උළෙලේ ආචාර පෙළපාලිය පුහුණු කිරිම සදහා දායකත්වය ලබාදි ඇත.

මේ සදහා ආරක්‍ෂක සේනා(බටහිර) ආඥාපති තුමන්ගේ සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ උපදෙස් පරිදි 142 බලසේනාවේ බලසේනාධිපති තුමාගේ මගපෙන්වීම යටතේ 2023 මාර්තු මස 09 දින එම පාසල වෙත හමුදා උපදේශකවරුන්ගේ සහය දක්වා ඇත.

මේ සදහා 15 ඩ්‍රෝන රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි තුමන්ගේ පුර්ණ අධික්ෂණය යටතේ යුද හමුදා උපදේශකවරුන් විසින් පාසැල් ආචාර පෙළපාලියට පාසැල් සිසුන් පුහුණු කර ඇත.