Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th April 2023 09:25:07 Hours

පනාගොඩ විරු කැකුළු පෙර පාසල් දරුවන් සිංහල හින්දු අලුත් අවුරුද්ද සමරයි

2023 සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව පනාගොඩ විරු කැකුළු පෙරපාසලේ දුවා දරුවන්ගේ ක්‍රියාකාරකම් ඇතුලත් සිගිති අවුරුදු උලෙළක් 2023 අප්‍රේල් 06 වන දින පවත්වන ලදී.

මෙම අවුරුදු උළෙල සඳහා ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ආරක්ෂක සේනා (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු, පෙර පාසල් කාර්ය මණ්ඩලය, ගුරුවරුන් සහ දෙමාපියන් සහභාගී වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සදහා පෙරපාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකාව වන හිමාලි පුස්සැල්ල යන මහත්මිය සහභාගී විය.

තවද පෙර පාසල් දරුවන් විසින් ඉදිරිපත් කරන ලද විනෝදාත්මක ඉසව් ඇතුළු විවිධ වර්ණවත් ඉසව් සහ ක්‍රීඩා තරග රැසක්ද පැවැත්වූ අතර, වැඩසටහන තවත් වර්ණවත් කරමින් පෙර පාසලේ ගුරුභවතුන් විසින් ආකර්ෂණීය නර්තන අංගයක් ද ඉදිරිපත් කරන ලදී.

උළෙල අවසානය සනිටුහන් කරමින් හිමාලි පුස්සැල්ල මහත්මිය පෙරපාසල් ළමුන් සඳහා ත්‍යාග බෙදාදීමකට සහභාගී වූ අතර එතුමිය පිටත්ව යාමට පෙර පන්තිකාමර වෙත ගොස් පෙරපාසල් ගුරුභවතුන් හා ළමුන් සමග අදහස් කිහිපයක්ද බෙදා ගත්තාය.