18th February 2025 10:24:56 Hours
ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) ආඥාපති ලෙස රාජකාරි සිදුකල මේජර් ජෙනරල් ඒ එච් එල් ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 පෙබරවාරි මස 13 වන දින නික්මයෑම නිමිත්තෙන් විශේෂ ප්‍රභූ සම්මාන ආචාර මුරයක් හා විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.
නික්මයන ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් හට විශේෂ ප්‍රභූ සම්මාන ආචාර මුරයක් 1 ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ලබාදීමෙන් අනතුරුව, ගෞරවාචාර පිරිනැමීමෙන් පසුව එතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර, ඉන් පසු තේ පැන් සංග්‍රහයටද එක්වෙමින් භට පිරිස් අමතමින්, තම සේවා කාලය තුළ ඔවුන් කළ වටිනා සේවයට කෘතඥතාව පළ කළේය.
අනතුරුව, ඔහුගේ විශිෂ්ට නායකත්වය සහ කැපවීම අගය කිරීමේ සංකේතයක් ලෙස සමරු තිළිණ ප්රදානය කරන ලදී. නික්ම යන ආඥාපතිවරයා වෙත කෘතඥතාව සහ ගෞරවය නිරූපනය කරමින් සහ රාජකාරිය සඳහා ඔහුගේ කැපවීම අගය කරමින් එම සංකේතාත්මක අභිනයන් ප්‍රධානය කරන ලදී.
එදිනම සවස ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර) රෙජිමේන්තු මධ්‍යස්ථානය ඉංජිනේරු සේවා බලකායේ නිලධාරී නිවස්නයේදී, නික්ම යන ආඥාපතිවරයා හට උපහාර පිණිස සාම්ප්‍රධායික සමුගැනීමේ රාත්‍රි භෝජන සංග්‍රහයක් පාබල සේනාංක, පාබල බලසේනා සහ ඒකකවල නිලධාරීන් විසින් පිරිනමන ලදී.