Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

17th October 2023 10:35:31 Hours

නව ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති රාජකාරි අරඹයි

නව ආරක්ෂ්ක සේනා ආඥාපති - බටහිර ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය බ්‍රඅහස්පතින්දා (12) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත 6 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රයානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ සම්මාන මුරයේ ගෞරවාචාරයන් පුදකළහ.

හමුදා සම්ප්‍රදායන්ගෙන් අනතුරුව, මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ආගමික වතාවත් මධ්‍යයයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමීන් ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව ආරක්ෂරක සේනා ආඥාපතිතුමන් කාර්යාල සංකීර්ණය ඉදිරිපිට පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සමූහ ඡායාරූපයකට ද පෙනීසිටියේය.

සියලු නිල තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ එහිදී භටපිරිස් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව හමුදා යානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කරමින් සාර්ථකත්වය ළඟා කරගැනීමේදී විනය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කළේය. ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර අභිවෘද්ධිය උදෙසා එතුමන් සතු දැක්ම පිළිබඳ පැහැදිළි කළ අතර ඒ වෙනුවෙන් සාමූහිකව කටයුතු කළයුතු බව ද පෙන්වාදුන්නේය.

මෙම උත්සව අවස්ථාව සඳහා 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්ෂතක සේනා මුලස්ථානය - බටහිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.