Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th January 2024 21:33:20 Hours

ධූරයෙන් නික්ම යන ආරක්ෂක සේනා ආඥාපති - බටහිර වෙත එම මූලස්ථානයේ ගෞරවාචාරය

ධූරයෙන් නික්මයන ආරක්ෂක සේනා ආඥාපති - බටහිර, මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත හමුදා සම්ප්රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනැමීමේ උත්සවයක් පසුගිය අඟහරුවාදා (දෙසැම්බර් මස 19) දින ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර කඳවුරු පරිශ්රයේදී පැවැත්විණි.

ගෞරවාචාර පිරිනැමීමෙන් පසුව එතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර, අනතුරුව භටපිරිස් අමතමින් තම ධූර කාලය තුළ රාජකාරි සිදුකර ගෙන යාමට ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පළ කළේය.

අනතුරුව, එතුමන්ගේ විශිෂ්ඨ නායකත්වය සහ කැපවීම අගයමින් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර භටපිරිස් විසින් සමරු තිළිණක් ප්රදානය කරන කරමින් එතුමන් තම ධූර කාලය තුලදී රාජකාරිය සඳහා කල කැපවීම සහ දායකත්වය අගය කළේය.

උත්සව අවස්ථාව සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර ජ්යේෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.