Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

23rd April 2022 09:19:08 Hours

දිවුලපිටිය ප්‍රාදේශිය රෝහලේ අබලන් වු වාට්ටුවක් ආසේමු (බටහිර) භට පිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරයි

ආරක්ෂක සේනා බටහිර ආඥාපති මේජර් ජෙනරාල් කේ ලියනගේ ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 141 වන පාබල මුලස්ථානයේ පුර්ණ අධීක්‍ෂණය යටතේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිවුලපිටිය දිස්ත්‍රික් රෝහලට අයත් අබලන් වූ කොවිඩි - 19 රෝගී වාට්ටුවක් සාමාන්‍ය වාට්ටුවක් ලෙස ප්‍රතිසංස්කරණය කර 2022 අප්‍රේල් මස 20 වන දින සම්පූර්ණ වැඩ අවසන් කර රෝහල් කාර්ය මණ්ඩලය වෙත භාර දෙන ලදී.

6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ සහ 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භට පිරිස් සිය සහය සහ කුසලතා දැනුම මෙම උතුම් කාර්යය සාර්ථක කර ගැනීම සඳහා ලබා දුන් අතර, මුල්‍යමය සහය MAS Active Nirmana පූද්ගලික ආයතනය විසින් ලබා දෙන ලදී.

වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 141 පාබල සේනාවේ බලසේනාධීපති බ්‍රිගේඩියර් එස්පිජි ගමගේ ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී වූ අතර, MAS Active Nirmana පුද්ගලික සමාගමේ හි මානව සම්පත් සහ තිරසාර ව්‍යාපාර පිළිබඳ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන ලොකුගේ මහත්මිය ද සහභාගී විය.

තවද ප්‍රධාන ආරාධිත අමුත්තා සහ අනුග්‍රාහකයින් විසින් සුබ මොහොතින් සමරු ඵලකය නිරාවරණය කිරිම සහ පොල් තෙල් පහන දැල්වීමේ චාරිත්‍ර සදහා සහභාගි විය. ඉන් අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් රෝහල් පරිශ්‍රය තුල පැලයක් රෝපණය කිරිමට ද කටයුතු කරන ලදී.

I41 පාබල මුලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් කිහිප දෙනෙකු, 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, MAS Active Nirmana පුද්ගලික සමාගමේ නිලධාරීන් සහ දිවුලපිටිය දිස්ත්‍රික් රෝහලේ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු මෙම උත්සව අවස්ථාව සදහා සහභාගි විය.