Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th April 2023 09:38:18 Hours

දියේ ගිලී අතුරුදන් වූ කුඩා දරුවෙකු සෙවීමට ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් සහය

පාමංකඩ සුදුවැල්ල ප්‍රදේශයේ සිය දෙමාපියන් සමග ඥාති නිවසකට ගොස් සිටියදී රන්කැට ගඟේ ඉකුත් 2023 අප්‍රේල් මස 15 වන දින දියේ ගිලී අතුරුදන් වූ අවුරුදු දෙකහමාරක කුඩා දරුවෙකු සොයා ගැනීමට 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 1 වන ශ්‍රී ලංකා පුරෝගාමී බළකායේ යුධ හමුදා සාමාජිකයින් සිය දායකත්වය ලබාදී ඇත.

මෙම ක්‍රියාන්විතය 2023 අප්‍රේල් 16 වන දින නෙළුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති විසින් කරන ලද ඉල්ලීමට අනුව ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමාගේ උපදෙස් පරිදි 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මඟපෙන්වීම මත, 612 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ සහ 12 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 1 වන ශ්‍රී ලංකා පුරෝගාමී බළකායේ අණදෙන නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු යුධ හමුදා සාමාජිකයින් කඩිනමින් එම ස්ථානයට ගොස් පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව මුදාගැනීමේ කටයුතු ආරම්භ කළහ.

අනතුරුව එදින උදෑසන 11.30 පැයට පමණ දැඩි ක්‍රියාන්විතයකින් පසු ඉහත කී දරුවා ගඟේ මීටර් 500ක් පමණ පහළින් සිටියදී හමු වූ අතර යුද හමුදා සාමාජිකයින් විසින් ඔහු වහාම නෙළුව ප්‍රාදේශීය රෝහලට පිටත්කර යවා ඇත.