Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

01st February 2023 17:00:24 Hours

දැඩිගමුව ප්‍රදේශයේ හානිදායක ගලක් ඉවත් කිරිම සදහා යුධ හමුදා සහය

පසුගිය දිනයන්හි පැවැති අධික වර්ෂාවත් සමඟ දැඩිගමුව - කඩුවෙල ප්‍රදේශයේ කන්දක් මත සිට ගලක් පෙරළීමේ අවදානමක් මතුව ඇති බවට ප්‍රදේශවාසීන් විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට දැනුම්දි මෙන් ඔවුන්ගේ ඉල්ලිම පරිදි. 2023 ජනවාරි මස 27 වන දින අලුයම එම ගල ඉවත් කරිම සදහා යුධ හමුදා සහය ලබාදි ඇත.

ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 144 පාබල බලසේනාව වෙත අයත් 2 (සෙව්) ශ්‍රි ලංකා පාබල හමුදාවේ භටපරිස් කඩිනමින් මේ සදහා එම ස්ථානය වෙත කඩිනමින් ලගාවි ගල ඉවත් කිරිම සදහා සහය විය. යමි හේකින් මෙම ගල පෙරළිම සිදු වුයේනම් කන්ද මායිමේ ඉදිකර ඇති නිවාස හා දේපළවලට වැඩි හානියක් සිදුවන බවද ප්‍රදේශවාසීහු පැවසූහ.

ආරක්‍ෂක සේනා(බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ සහ 2 (සෙව්) ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් මෙම කාර්යේ නිරත වූ යුද්ධ හමුදා භටපිරිස් වෙත අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.

මෙම ගල ඉවත් කිරිම සදහා යුද්ධ හමුදා භටපිරිස් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පැය දෙකක් වැනි කාලයක් ගතවිය.