Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

01st August 2022 17:49:03 Hours

දකුණු නාවික විධානගේ ආඥාපති 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති නිල වශයෙන් හමුවෙයි

රියර් අද්මිරාල් ටි ඊ එමි එච් එස් එන් හරින්ද්‍ර ඒකනායක ජ්‍යෙෂ්ඨ නිලධාරි දකුණු නාවික විධානයේ නව ආඥාපති වශයෙන් වැඩ භාර ගැනීමෙන් අනතුරුව 2022.07.28 දින 1000 පැයට 61 වන පාබල සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් මොහාන් රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරි නිල වශයෙන් 61 වන පාබල සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී මුණගැසීම සිදුවිය.

මෙහිදි මෙම අවස්ථාව සංකේතවත් කිරිම සදහා දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් හරින්ද්‍ර ඒකනායක ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මොහොන් රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත සමරු ඵලකයක්ද පිලිගන්වන ලදි.