Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

31st May 2022 14:00:30 Hours

ජාතික වෙසක් උත්සවයේ සමගාමිව පවත්වනු ලැබු පහන් කුඩු තරගයේහි නාවික හා ගුවන් හමුදාවන් හි ජයග්‍රහයින් හට ත්‍යාග පිරිනමයි

ජාතික වෙසක් උත්සවය 2022.05.15 දින සිට 21 දින දක්වා යුද්ධ හමුදා, නාවික හමුදා සහ ගුවන් හමුදා සහභාගිත්වයෙන් පුරාණ කූරගල රජමහා විහාරස්ථානයේදී පැවැත්විණි.

මෙහිදි ශ්‍රී ලංකා යුද හමුදා, නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් වෙසක් කූඩු තරඟයක් පවත්වන ලද අතර, මෙම තරඟය සදහා යුද්ධ හමුදාවට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පක්ෂාන්ගනයන් හතරක් හා නාවික හමුදා විධානයන් පහක් සහභාගි විය. මෙහිදි ගුවන් හමුදාවේ පක්ෂාන්ගනයන් හතර අතරින් සිවිල් ඉංජිනේරු පක්ෂාන්ගනය හා නාවික හමුදා විධානයන් පහ අතුරින් බටහිර නාවික විධානය ද ප්‍රථම ස්ථාන හිමිකරගන්නා ලදි.

ඒම ප්‍රථම ස්ථානයන් සදහා ත්‍යාග ප්‍රධානය කිරිම ආරක්‍ෂක සේනා ආඥාපති සහ යුධ හමුදා බෞද්ධ බලමණ්ඩලයේ සභාපති වන මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් හා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2022.05.30 දින ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) සිදු කරන ලදි.