Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

30th May 2023 11:53:40 Hours

ජාතික රණවිරු දිනයට සහ 61 පාබල සේනාංකයේ සංවත්සර උත්සවයට සමගාමීව පාසල් දරුවන් සදහා පාසල් පොත් බෙදා දීමේ වැඩසටහනක්

14 වැනි ජාතික රණවිරු දිනයට සහ 61 වන පාබල සේනාංකයේ 15 වැනි සංවත්සර උත්සවයට සමගාමීව කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි සිසුන්ගේ සහයෝගයෙන් පවත්වන "රණවිරු අභිනන්දන පුජා 2023" වැඩසටහන යටතේ 61 පාබල සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු සෙසු නිලයින් සහ සිවිල් සේවකයින්ගේ දුවා දරුවන් සඳහා නොමිලේ පාසල් අභ්‍යාස පොත් බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් මත 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ මගපෙන්වීම යටතේ "අතහිත" සංවිධානයේ ප්‍රධාන සංවිධායක සහ කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ප්‍රභාත් ලොකු බාලසූරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම උදාර කාර්ය සිදු කරන ලදී.

මෙම පොත් බෙදා දීමේ උත්සවය 2023 මැයි 23 වන දින 61 වන සේනාංකාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් එම මූලස්ථාන පරිශ්‍රයේදී සිදුකර ඇති අතර, මෙහිදී සෙසු නිලයින් 270 දෙනෙකුගේ සහ සිවිල් සේවකයින් 34 දෙනෙකුගේ දුවා දරුවන්ට පාසල් අභ්‍යාස පොත් ලබා දී ඇත. එහි එක් පොත් කට්ටලයක වටිනාකම රු. 3750.00 ක් වූ අතර, ව්‍යාපෘතියේ මුළු වියදම රු. 990,000.00 කි.