Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

03rd August 2023 15:58:05 Hours

ගින්නලිය වනාන්තර ප්‍රදේශයේ හටගත් ලැව් ගින්නක් මැඩපැවැත්වීම සදහා බටහිර භට පිරිස් සහය

2023 අගෝස්තු මස 02 වන දින රත්නපුර දිස්ත්‍රික්කයේ කොළොන්න ප්‍රදේශයේ රක්ෂිතයේ හටගත් ලැව් ගින්නක් මාතර දිස්ත්‍රික්කයේ පිහිටි කුරුතොටකන්ද, ගින්නලිය රක්ෂිතය දක්වා පැතිරී යාමත් සමග ඌරුබොක්ක පොලිස් ස්ථානයේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ ඇති 613 පාබල බලසේනාවට අයත් 3 (සෙවි ) ගැමුණු හේවා බළඇණියේ එක් නිලධාරියෙකු ඇතුළු යුධ හමුදා භට කණ්ඩායමක් කඩිනමින් ක්‍රියාත්මක වි එම ලැව් ගින්න මැඩපැවැත්වීමට සමත්විය.

තවද, මෙම ලැව්ගින්න අක්කර 8 ක පමණ වනාන්තර ප්‍රදේශයකට පැතිර ගොස් තිබූ බැවින් මෙම පුවත වාර්තා වීමත් සමග යුද හමුදා සාමාජිකයින් වේගයෙන් ක්‍රියාත්මක වි ඔවුන්ගේ කැපවීම සහ උත්සාහයන් සමඟින්, වේගයෙන් පැතිරී යමින් තිබූ ගින්න විශාල හා විනාශකාරී සිදුවීමක් දක්වා වර්ධනය වීමට පෙර පැය තුනක කාලසීමාවක් ඇතුලත නිවා දැමීමට ඔවුන්ට හැකි විය.

මේ අතර, ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිගේ උපදෙස් පරිදි 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ සහ 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මගපෙන්වීම මත 3 (සෙවි) ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරීගේ පූර්ණ අධික්ෂණය යටතේ යුධ හමුදා භට පිරිස් ඔවුන්ගේ ශ්‍රම දායකත්වය ලබාදී ඇත.