Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

11th October 2023 11:21:07 Hours

ගාල්ල 'විරු කැකුළු' පෙර පාසලෙහි දු දරුවන් 2023 ලෝක ළමා දිනය සමරයි

2023 ලෝක ළමා දිනයට සමගාමීව යුධ හමුදා සේවා වනිතා ඒකකයේ සහයෝගීතාවයෙන් සහ ගාල්ල 'විරු කැකුළු' පෙර පාසලෙහි කාර්ය මණ්ඩලය විසින් විශේෂ වැඩසටහනක් 2023 ඔක්තෝම්බර් 03 වන දින පෙරපාසල් පරිශ්‍රයේදී සිදු කරන ලදී.

මෙම වැඩසටහන 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ආර්ඒජේඑන් රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩියු යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ බිරිඳ වන 'විරු කැකුළු' පෙර පාසල භාර ජ්‍යෙෂ්ඨ සාමාජිකාව වන සෞම්‍යා රණසිංහ මහත්මියගේ පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 61 පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, පෙර පාසල් කාර්ය මණ්ඩලය, ගුරුවරුන්, යුධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.