Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

17th October 2023 09:05:25 Hours

ගංවතුරින් අවතැන් වු සිවිල් ජනතාවට 141 පාබල බසේමු වෙතින් සහන සැලසිම

නිරතදිග මෝසම් වර්ෂාව සක්‍රිය විමත් සමඟ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් 141 පාබල බලසේනා මුලස්ථානයේ බලප්‍රදේශයට අයත් වත්තල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ 171 කෙරවලපිටිය, ග්‍රාම නිලධාරි වසමට අයත් උඩුගම්පිටිය ප්‍රදේශය ගංවතුරින් යටවි එහි ජීවත් වු පවුල් 8 ක් පමණ අවතැන් තත්වයට පත්ව ඇත.

ඒ අනුව ආසේමු (බටහිර) ආඥාපති තුමාගේ මඟපෙන්වීම මත 14 පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති තුමගේ උපදෙස් පරිදි 141 පාබල බලසේනා මුලස්ථානයේ බසේනාධිපති තුමාගේ සෘජු අධික්ෂපණය යටතේ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරි සහ භඨපිරිස් සිය දායකත්වයෙන් සහන කඳවුරුගතව සිටින සිවිල් පවුල් 8 ක් වෙනුවෙන් 2023.10.06 වන දින කෙරවලපිටිය විජේකුමාරතුංග ක්‍රිඩාංගනයේදී දිවා ආහාර වේලක් ලබා දිමට කටයුතු කරන ලදි.

තවද එම අවස්ථාව සදහා 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරි මේඡර් වයිඩිඑන් ද සිල්වා ආර්ඩබ්ලිවිපි ආර්එස්පි සහ දෙවන අණදෙන නිළධාරි ඇතුළු ඒකයේ භඨපිරිස් ද සිය දායකත්වය ලබා දෙන ලදි.