Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

21st December 2022 17:38:35 Hours

කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා යුද හමුදා සෙබළුන් විසින් සාමාජ සත්කාරයක් සංවිධානය කරයි

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ක අඩු ආදායම්ලාභී පවුල් 605 සදහා කිරි පිටි පැකට් බෙදාදීමේ සමාජ සත්කාරක වැඩසටහනක් Fonterra Brands Lanka Company Ltd ආයතනයේ මුල්‍ය අනුග්‍රහය මත 2022 දෙසැම්බර් මස 15 වන දින සිට 21 වන දින දක්වා පවත්වන ලදි.

මෙම වැඩසටහන හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානය සහ ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) මගින් සම්බන්ධීකරණය කර ඇති අතර ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති‍ මේජර් ජෙනරාල් ඩිඑමිකේඩිබි පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේඑම්ආර්එම්කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානයන්හිදි සංවිධානය කර ඇත.

තවද, මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා (බටහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික වන බ්‍රිගේඩියර් කේවීඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ ප්‍රදේශයන් භාර බලසේනාධිපතිවරුන්ගේ සහ අණදෙන නිලධාරිවරුන්ගේ සහය ඇතිව සිදුකරන ලදි.

එමෙන්ම මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන සදහා අඩුඅදායම්ලාභි පවුල් තෝරාගැනීම අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ග්‍රාම නිලධාරිවරුන්, ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) සමග සම්බන්ධතාවයෙන් යුතුව සිදුකර ඇත.

මෙම වැඩසටහන මගින් එක් අඩු ආදායම්ලාභී පවුලකට කිරිපිටි පැකට් 02 බැගින්, කිරිපිටි පැකට් 1210 ක් පරිත්‍යාග කර අතර ඉදිරි දින කිහිපයේදී ද කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් අඩු ආදායම්ලාභි පවුල් සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට කටයුතු සුදානම් කර ඇත.