Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th August 2023 10:56:05 Hours

කොස්කැලේ - ඕපාත ප්‍රදේශයේ සහ ගල්දොළ හටගත් හදිසි ගිනිගැනිම් මැඩපැවැත්වීම සදහා ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) භට පිරිස් සහාය වෙති

2023 අගෝස්තු 22 වන දින කොස්කැලේ - ඕපාත වනාන්තර ප්‍රදේශයේ හටගත් හදිසි ගිනි ගැනීමක් මැඩපැවැත්වීමට සහ සිදුවීමට ගිය විශාල හානියක් වළක්වා ගැනීමට 611 පාබල බලසේනාවට අයත් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් 60 ක් පමණ පොලීසිය සමඟ එක්ව සහයෝගයෙන් කටයුතු කරන ලදී.

තවද 2023 අගෝස්තු 23 දින අලුයම, ගල්දොල ප්‍රදේශයේ හටගත් හදිසි ගිනි ගැනීමක් මැඩපැවැත්වීම සදහා දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලයෙන් (කල්තොට) සහ රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් (DMC) කළ ඉල්ලීමකට අනුව වහාම ක්‍රියාත්මක වෙමින් 8 වන ගැමුණු හේවා බළකායේ නිලධාරීන් හතර දෙනෙකු ඇතුළු සෙසු නිලයින් 60 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ගින්න මැඩපැවැත්වීම සඳහා ක්‍රියා කරන ලදී.

මෙහිදී යුද හමුදා භට පිරිස් එම බලධාරීන් සමග එක්ව එම ගින්න මැඩපැවැත්වීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගත් අතර යුධ හමුදාව වෙතින් වැඩි ශ්‍රම දායකත්වයක් ලබාදීම තුලින් එය නිවා දැමීමට සහ සිදුවීමට ගිය විශාල හානිය අවම කර ගැනීමට හැකි විය.

මේ සදහා භට පිරිස් යෙදවීම ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති ගේ උපදෙස් අනුව 611 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මඟපෙන්වීම මත 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරින්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු විය.