Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd December 2023 12:54:16 Hours

කරාපිටිය ප්‍රදේශයේ කඩා වැටුනු පස් කන්දකට යට වූ පුද්ගලයින් මුදවාගැනීමට යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහල අසල පිහිටි ඉදිකිරීම් ස්ථානයක් තුළ පස් කන්දක් කඩාවැටීමෙන් එම ස්ථානයේ සේවයේ නිරතව සිටි කම්කරුවන් තිදෙනෙකු පස් කන්දට යට වූ අතර ඔවුන් බේරාගැනීම සඳහා 61 පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් සෙනසුරාදා (දෙසැම්බර් මස 09) දින පස්වරුවේ සිය දායකත්වය ලබාදුන්හ.

අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්යයේ යුද්ධ හමුදා භටපිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මුදවාගැනීමේ කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් සමඟ එක්ව මෙම සිදුවීමට මුහුණදුන් පුද්ගලයින් මුදවාගැනීමේ කටයුතු කෙටි කාලසීමාවක් තුළ සිදුකරනු ලැබීය.

පස්කන්දට යට වී ජීවිතක්ෂයට පත් පුද්ගලයෙකුගේ සිරුර සහ බරපතල තුවාල තැබූ තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද යුද්ධ හමුදා භටපිරිස් විසින් සොයාගනු ලැබූ අතර කඩිනමින් ඔවුන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.

61 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 613 බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්ෂණය මත 2 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන් විසින් මෙම සෝදිසි.