Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:08:21 Hours

කපිතන් සිට මේජර් දක්වා නිළ උසස් කිරිමේ පුනරික්ෂණ පාඨමාලාව යුද්ධ හමුදා ජනපදය පනාගොඩ දි පවත්වයි.

2023 කපිතන් සිට මේජර් දක්වා නිළ උසස් කිරිමේ විභාගයට පෙර, 2023 පෙබරවාරි 27 වන දින පුනරික්ෂණ පාඨමාලාවක් යුද්ධ හමුදා ජනපදය පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී ආරම්භ කරන ලදී.

සමාරම්භක දේශනය ආරක්‍ෂක සේනා (බටහිර) බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් කේ වි එන් පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි විසින් පවත්වන ලද අතර, අපේක්ෂකයින් 100 කට අධික පිරිසක් මෙම පාඨමාලාවට සම්බන්ධ වූහ.

පුහුණු අධ්‍යක්‍ෂ මණ්‌ඩලයේ උපදෙස්‌ පරිදි මෙන්ම ආරක්‍ෂක සේනා (බටහිර) පුර්ණ අධීක්‍ෂණය මත මෙම පාඨමාලාව 2023 මාර්තු 03 දක්වා පැවැත්වේ.