Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

07th February 2023 18:24:45 Hours

ආරක‍්ෂක සේනා (බටහිර) වෙත අයත් භටපිරිස් වෙතින් තවත් සමාජ සත්කාරයක්

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 613 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ වී අයි එල් ජයවීර යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ අධික‍්ෂණය යටතේ බමුණුගම, හොරපාවිට, කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි අඩුආදායම්ලාභි පවුලක් වෙත රුපියල් 30000/= ක් වටිනා වියළි සලාක සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ප්‍රධානය කරන ලදි.

මේ සදහා මුල්‍යමය දායකත්වය තම ස්වේච්ඡාවේන් 613 පාබල බලසේනාවේ රාජකාරි නියුතු සියළු නිලයින් විසින් දරණ ලද අතර 613 වන පාබල බලසේනාවේ බලසේනාධිපති මෙන්ම එම බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී සහ සෙසු නිලයින් සමගින් එම වියළි සලාක ද්‍රව්‍ය 2023 පෙබරවාරි මස 06 වන දින ඔවුන් වෙත පිරිනැමීය.