Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:03:25 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) සෙබළුන් වැලිගම වෙරළ තීරය පිරිසිදු කරයි

2023 පෙබරවාරි 23 වන දින, ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 වන පාබල සේනාංකයේ 613 පාබල බලසේනාවට අයත් 3 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ යුධ හමුදා සාමාජිකයින් විසින් ආකර්ෂණිය වැලිගම වෙරළ තීරය අවට වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.

මෙම වැඩසටහන ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමන්ගේ සහ 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් මත සිදුකර ඇත. මෙහිදි 3 (සෙව්) ගැමුණු හේවා බළඇණිය විසින් කරන ලද ඉල්ලීමට අනුව වැලිගම නගර සභාවේ නිලධාරීන්, විදේශිකයන්, ප්‍රදේශවාසීන් සහ වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ සිසුන් සහ දෙමාපියන් ඇතුළු පිරිසක් ද මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනට දායක වූහ.

එමෙන්ම, 613 පාබල බලසේනාවේ බළසේනාධිපති සහ 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරී විසින් මෙම වැඩසටහන සමීපව අධීක්ෂණය කරන ලදී.