Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:05:04 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) සෙබළුන් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පවත්වයි

ආරක්ෂක සේනා (බටහිර) 144 පාබල බලසේනාවේ 2 (සෙව්) බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් විසින් කැලණිමුල්ල ග්‍රාමනිලධාරී වසමේ පිහිටි කිත්සිරි මෙවන් රජමහා විහාරස්ථානයේ අවට ප්‍රදේශය සහ භික්ෂූන් වහන්සේලාගේ නවාතැන් පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපාරයක් 2023 පෙබරවාරි 26 වැනි දින සිදුකරන ලදී.

මෙම ව්‍යාපෘතිය ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමගේ උපදෙස් පරිදි විහාරස්ථානයෙන් කරන ලද ඉල්ලීමට අනුව සිදුකල අතර, වැඩසටහන සදහා එක් නිලධාරියෙකු සහ සෙසු නිලයින් 10 දෙනෙකු සහභාගි විය.

144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 2 (සෙව්) බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී විසින් මෙම ව්‍යාපෘතිය සමීපව අධීක්ෂණය කරන ලදී.